මිනිසා නමැති අමුතු සත්වයා (001 කොටස)

මිනිසා ,

මිනිසා කියන සත්වයා ගත්තම කතකරල නිම කරන්න බැරි අමුතුම සත්තු ජාතියක්. පොදුවේ මාත්, කියවන ඔබත් ඇතුළු සියලුම මිනිසුන් නොදැනුවත්වම හරිම කුජීත දේවල් සිදු කරයි මේ ඒ කුජීත බවේ පළමු දිගහැරුමයි.

අපේ රටේ වගේම ආසියාවේ බොහෝ රටවල අපි ආහාරයට ගන්න දේවල් එළවලු පලතුරු විකුනන්නේ කොහොමද? අපේ සති පොලේ නම් පුතේ එළවලු පලතුරු අල ලුණු සේරම බිම තමා. හුගාක් තැන්වල කිසිම අරපරිස්සමක් නැතුව ආහාරයට ගන්න දේ තියෙන්නේ. ඒවා නැවත පිළියෙළ කරලා ගන්න නිසා අවුලක් නෑ කියමු.


ඒත් අපි කොලොම්පුරය ගමු කොළොම්පුරයේ දවසට කී දෙනෙක් නම් උදේට දවල්ට රෑට කඩෙන් කනවද?

ආප්ප කියයි රයිස් කියයි කොත්තු කියයි අරක මේක වයිවාරන නම් තියන කෑම , මේවා කන්නේ බඩට හැබැයි මේ හෝටල් බොහොමයක මේවා නිසි පරිස්සමකින් නොසාදන බව හුගදෙනෙක් දන දැනමයි කන්නේ ඒ තමයි මේ කියන්න යන්නේ මිනිසා කියන අමුතුම සත්වයා ගැන.


බිම දමාගෙන අනපු පිටි මැස්සෝ අහුරුණු කෑම බිම රසකර අපි බුදිනවා.

හැබැයි පුතේ ඒ කැපුවා අධෝමුකයෙන් පිටකරන්න වැසිකිලියට අවශ්‍ය කොමඩ් එක විකුනන්නේ නම් AC ෂෝ රූම් වල, අනේ අපොයි මෙහෙමත් ලෝකයක් නොවැ.


එතනින් ගියාම කන්න ගන්න ඩේ බිමදමාගෙන පයට පෑගෙන සෙරෙප්පුවට සපත්තුවට පෑගෙන දේවල් කන්න ගන්නකොට ඔය නිතරම බිම පෑගෙන සෙරෙප්පුව නම් විකුනන්න තියෙන්නේ AC කොරපු ෂෝ රූම් වල හනේ අපොයි.


මිනිසා කියනසත්වයාගේ කුජීත කම ගැන නම් කියා නිම කල නොහැකිය මේ කුජීත කම මිනිසුන් වන අපිට ඉන්ස්ට්‍රෝල් වී ඇති වයිරසයක් යයිද මට සිතේ.


No comments:

Post a Comment