වින්ඩොව්ස් 10 අවුරුද්දකට හැමෝටම නොමිලයේ




සියලු වින්ඩෝස් Windows 8, Windows 7 භාවිතා කරන්නන් සඳහා නොමිලයේ windows 10 ලබාදීමට නියමිත බව හුගදෙනෙක් දන්නා දෙයක්.

නමුත් ඔබ දන්නවද මයික්‍රොසොෆ්ට් ආයතනයේ අලුත්ම නිවේදනයට අනුව එය ප්යිරේට් කොපි සදහාද ලබාදෙන්නට නියමිත බව?

රොයිටර් පුවත් සේවයට සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, වින්ඩෝස් ප්‍රධානියා පැවසුයේ:සත්‍ය පිටපත් භාවිතා කරන නොකරන සියලු දෙනාට මේ විශේෂ අවස්තාව ලබාදෙන බවයිඔවුන් පවසන අන්දමට සියලුම පයිරේට් පිටපත් භාවිතා කරන්නන්ද මේ හරහා අවුරුද්දක නොමිලයේ කාලයකට සත්‍යපිටපත් භාවිතා කිරීමට යොමුවනු ඇති බවයි.

ඔක්තෝම්බර් මාසයේ පමණ මෙහි මුලික අදියර ක්‍රියාත්මක වෙනු ඇති.

සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක්



සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක් පතන්නේ,

පිවිතුරු පිරිසක් සමගද මදක් සිතන්න ???????????

පැත්තක් අරගෙන දෙන්ට යන්න කලින් හිතන්න බලන්න.

මරා ගේ පාලනයේ පාරිබෝගික ජීවිතය අසීරුය.

බඩ ගැන සිතුවහොත් ඔහු පැන්නීම අනිවාර්යය

මරා නොදුන් දිව්‍ය ලෝකයක් ලබාදෙන්නද මේ විපක්ෂය බලය ඉල්ලන්නේ?

ඉගුරු දී මිරිස් ගැනීමක්ද මේ මොවුන් සැලසුම් කොට අප හට බාරදෙන්නට යන්නේ.

ඔබ තවමත් මොවුන්ගේ දේශපාලනයන්ට කඩේ යනවද?

මරා 3 වරක් බෑ යයි කෑගසන්නේ , ඔවුන්ගේ දුර්වලතා මකා ගැනීමට මිස වෙන කුමකටද?

මරා හෝදනත්නම් ජනතාවට අයිතිය තියනවා වෙන කෙනෙක් පත්කරන්න

තමන්ට ජනතා ප්‍රසාදය තියනවනම් ඇයි නිකන් මේ බොරුවට 3 කට අඩන්නේ?

සිරාවට මරාගේ ගෝලයෝ පෝස්ටර් ගැහුවා වගේ "මහින්දට ඇයි මෙච්චර බය" :v

ජනතාව රවටා බල ලෝබයෙන් කරනා වැඩ නේද මේ?

සියලු දේශපාලුවන් දැනට මේ බල තන්හාව මත ක්‍රියා කරනා බව ඔබට නොවටහේද?

හෙළ උරුමය පමණක් බල ලොබයක් නොතිබෙන බව දුටුවත් දැන් දැන් එම පක්ෂයද බලලොබින්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබෙනා බව පෙනේ.

එළබෙන දෙසැම්බර් මාසයේ මේ කුනුගොඩෙහි සිටිනා ගෙම්බන් ඒ පැත්තට මේ පැත්තට පනිනු දැක ගන්නට ඔබටම ලැබේවි.

මොවුන් විකිනෙන්නේ කුනුමාලු ලෙසය

ජනතාව වෙනුවෙන් යන මොවුන් මෙසේ හැසිරෙන බව දන දැනත් බත්පැකට් එකට අරක්කු බෝතලේට චීත්ත කෑල්ලට මොවුන්ටම කතිරය ගැසීම අපගේ මිනිසුන්ගේ සැටිය.

සුභ අනාගතයක් හෝ හෝ වැරදුනා පිවිතුරු හෙටක් හැමෝටම

ජය ශ්‍රී!

අන්තර්ජාලය ලංකාවේ භාවිතා වෙන අයුරු නිවැරදිද?

S E X search කරලා වාර්තා පිහිටවපු අපේ අයට කියන්නේ (අපේ අය = ලංකාවේ අය)

http://www.alexa.com/topsites/countries/LK

මේකට ගිහින් ලංකාවේ තත්වය බලන්න අන්තර්ජාලය භාවිතා කරන ඔයාලා වැඩියෙන්ම ට්‍රැෆික් දෙන්නේ වටිනා කියන සයිට් වලටද කියලා??????

අද්‍යාපනය සදහා අපේ රටේ අන්තර්ජාලය භාවිතා කිරීම කොතරම් අල්පද??????

යුටියුබ් හරහා හුගක් දුරට අද්යාපනික වැඩසටහන් නරබනවා ඇති නමුත් අනික් වෙබ් අඩවි සදහා ශ්‍රීලංකාව තුල මෙතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් එකතුවීමට හේතුව කුමක් වියහැකිද??

අන්තර්ජාලය අවශ්‍ය නෑ සුපිරිම අද්යාපනයක් අපිට රටතුලින් ලැබෙනවා :)
අන්තර්ජාලය භාවිතාකරන්නේ හුදෙක් විනෝදය සදහා පමණි!
අන්තර්ජාලය තුල ලංකාව අසරණයි
ලංකාවේ තාක්ෂනය ව්‍යාප්තවෙලා නෑ
ඔය කප් ගහපු ඒවා බලන්න තමයි ඕක තියෙන්නේ
අධ්‍යාපනයක් මොකටද ? ආතල් එකේ ඉන්නේ නැතුව.
බුකියට එන්නේ ඉගෙන ගන්න නේ

අපි මේ රෑන්ක් වෙනස් කරමුද යාලුවනේ????

හැක් කරලද? :v

නෑ නෑ , අපි ලෝක දැනුම අන්තර්ජාලය ඔස්සේ වැඩිපුර සොයා යමු.

ලංකාවේ ගොසිප් සයිට් වැඩි ඇයි , ලංකාවේ ඉන්නේ ඕපාදුප හොයන උන් විතරක් නිසාද? :/

කරුණ නිවැරදිව වටහා ගමු :)

අධ්‍යාපනික කරුණු සෙවීමටද අන්තර්ජාලය වැඩියෙන් භාවිතාකරමු!

15 | 16 විතර රෑන්ක් තියන ඒවා 100 න් එහාටවත් පන්නා දමමු.
අපේ රටේ අන්තර්ජාල භාවිතාකරන්නේ කාම විකුර්තිකයන්ද?

දැන් කියයි උබ බබා කියලා , හොදට හිතලා බලන්න මේ සිංහල බෞද්ධ රටේ ඔයාල රෑන්ක් කරලා තියන සයිට් කොච්චර උචිතද කියලා ????

එහෙනම් ඔබට ජය ශ්‍රී!