සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක්



සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක් පතන්නේ,

පිවිතුරු පිරිසක් සමගද මදක් සිතන්න ???????????

පැත්තක් අරගෙන දෙන්ට යන්න කලින් හිතන්න බලන්න.

මරා ගේ පාලනයේ පාරිබෝගික ජීවිතය අසීරුය.

බඩ ගැන සිතුවහොත් ඔහු පැන්නීම අනිවාර්යය

මරා නොදුන් දිව්‍ය ලෝකයක් ලබාදෙන්නද මේ විපක්ෂය බලය ඉල්ලන්නේ?

ඉගුරු දී මිරිස් ගැනීමක්ද මේ මොවුන් සැලසුම් කොට අප හට බාරදෙන්නට යන්නේ.

ඔබ තවමත් මොවුන්ගේ දේශපාලනයන්ට කඩේ යනවද?

මරා 3 වරක් බෑ යයි කෑගසන්නේ , ඔවුන්ගේ දුර්වලතා මකා ගැනීමට මිස වෙන කුමකටද?

මරා හෝදනත්නම් ජනතාවට අයිතිය තියනවා වෙන කෙනෙක් පත්කරන්න

තමන්ට ජනතා ප්‍රසාදය තියනවනම් ඇයි නිකන් මේ බොරුවට 3 කට අඩන්නේ?

සිරාවට මරාගේ ගෝලයෝ පෝස්ටර් ගැහුවා වගේ "මහින්දට ඇයි මෙච්චර බය" :v

ජනතාව රවටා බල ලෝබයෙන් කරනා වැඩ නේද මේ?

සියලු දේශපාලුවන් දැනට මේ බල තන්හාව මත ක්‍රියා කරනා බව ඔබට නොවටහේද?

හෙළ උරුමය පමණක් බල ලොබයක් නොතිබෙන බව දුටුවත් දැන් දැන් එම පක්ෂයද බලලොබින්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබෙනා බව පෙනේ.

එළබෙන දෙසැම්බර් මාසයේ මේ කුනුගොඩෙහි සිටිනා ගෙම්බන් ඒ පැත්තට මේ පැත්තට පනිනු දැක ගන්නට ඔබටම ලැබේවි.

මොවුන් විකිනෙන්නේ කුනුමාලු ලෙසය

ජනතාව වෙනුවෙන් යන මොවුන් මෙසේ හැසිරෙන බව දන දැනත් බත්පැකට් එකට අරක්කු බෝතලේට චීත්ත කෑල්ලට මොවුන්ටම කතිරය ගැසීම අපගේ මිනිසුන්ගේ සැටිය.

සුභ අනාගතයක් හෝ හෝ වැරදුනා පිවිතුරු හෙටක් හැමෝටම

ජය ශ්‍රී!

No comments:

Post a Comment