දෙවියන් සහ


දෙවියන් අදහන්නේ නැති අය දුවගෙන එන්න..
දෙවියන් අදහන අය දුවගෙන එන්න...

මට මේ පොස්ට් එක කියවල බැනල යන්න එන්න...
මිනිසා මවන ලද්දේ දෙවියන්ය ...
දෙවියන් මවාගන්නේ මිනිසුන්ය...

මේ කාරණා දෙකෙන් වඩාත්ම ප්‍රයෝගික මොකක්ද කියලා කියන්න බලන්න...
දෙවියන් මවපු මිනිසුන් පෙනෙන්නට ඇතත් , මිනිසා මවාගත් දෙවියන් දැක ඇත්තෝ වේද????
ලෝක ආරම්බය සිතනා විට,
දෙවියන් මවන ලද්දක් විය හැකිය .
මොකද කිසිම විදියකට නිශ්චිතව මේ සියල්ලගේ උපත අප දැක හෝ සොයාගෙන නැති බැවින් දෙවියන් මවන ලද්දක් විය හැකිය.

නවීන වියත්මකව ගත්කල ලෝකය දුහුවිලි වලා ගනීබවන්ය වී ගෝලයක් ආකාරයට සැදී අනෙක් ඒවාද විද්‍යාත්මක සංකල්පමත හට ගෙන ඇතැයි සිතිය හැකිය.
මේ කාරනා දෙකම සැලකීමේදී පෙනෙන්නට ඇත්තේ එක් දෙයකි,
එනම් මේ කරුණු දෙකම උපකල්පන මත පදනම් වුනු මනොබවයන්ය.
එනම් විශ්වාසයන් පමණක් වේ.
ඉතින් අප දෙවියන් විස්වාස කල යුතුද? නැද්ද????
ඔබම සිතා බලන්න,
ඔබ නොදැකපු දෙයක් පිලිබදව ඔබේ මිතුරෙක් අතිශෝක්තියෙන් යුතුව කියවද්දී ඔබ එයින් කොතරම් ප්‍රමානයක් විශ්වාස කරන්නේද???????
එසේනම් ඔබ කිසිදා නොදුටු දෙවියන් ඔබ කෙතරම් ප්‍රමානයක් විස්වාසකලයුතු වන්නේද??????
මද්‍යස්තව කටයුතු කිරීමයි වඩාත්ම නුවණට හුරු වන්නේ.
එනම් ඔබ දෙවියන් යදිමින් දෙවියන් මත යැපීම නොව ඔබ දකිනා ලොවෙහි දාර්මිකව ජීවත් වීමයි ඔබ කලයුතු වන්නේ.
සැබෑවට දෙවියන් සිටිනම් දෙවියන් අපහසු අවස්ථාවන් වලින් ඔබව මුදවාගනු ඇත.

ඔබ නිතර දෙවියන්ට වද දීමෙන් දෙවියන්ද කොපවනු නොඅනුමානය
අප කලයුත්තේ සැබෑ ලෝකයට මුහුණදීම හැර ,
ඔබට කළනොහැකි හෝ කරන්නට කම්මැලි හෝ කරන්නට බය දේ දෙවියන්ට බාර දී කරවා ගැනීමට උත්සහ කිරීම නොවේ.

දෙවියන් > ඔබ < සැබෑ ලෝකය
ඔබ සිටිය යුත්තේ මැද මාවතහිය
දෙවියන් බොරු යයි කියමින් කාලය කා දැමීම වත්
දෙවියන් යදිමින් කාලය කා දැමීම වත් නොව

ඔබ සැබෑ ලොවෙහි කරන්නට ඇති දේ කරගෙන දර්මිකව ජීවත් වීමයි
ඔබට ජය ශ්‍රී!

No comments:

Post a Comment