බලය වෙනුවෙන් ආස්චර්යන් සෙවීම.

බලය වෙනුවෙන් ආස්චර්යන් සෙවීම.

 


මරා අවුල් වැඩ කරනා බව ඇත්ත
එත් මෙහෙම විහිළු සහගත සැසදීම් වලින් අනෙක් බයියලටත් හෙල්ප් එකක් තමයි දෙන්නේ
එදාට වඩා ආර්ථිකය දැන් වෙනස්

ඔහොම බැලුවොත් සත 50 ට තිබුණු පාන් රාත්තල දැන් රු 50
රුපියල් 75 ට ගත්ත බයිසිකලයක් දැන් රුපියල් 10000න් මෙහා ගන්න බෑ කාලයෙන් කාලයට මේවා වෙනස් වෙනවා ඒ ලෝක ස්වබාවය.


අවුරුදු 8ක් කියන්නේ කෙටි කාලයක්ද දීර්ග කාලයක්ද කියන එකෙනුත් මේක මනින්න බෑ
නමුත් සාපේක්ෂව බඩුමිල වැඩිවීම මරා සිතා හෝ නොසිතා හෝ සිදුවී ඇත
මේ වගේ සැසදීම් එන්නේ දේශපාලන වාසි බලාගෙන ඉන්න අයගෙනුයි
ඒක ඔලුවෙන් හිටගෙන නෑ කියන්න හැදුවත් ඒක එහෙම තමයි .

මෙතන මේ බඩු මිල ගැන සදහන් වෙන නිසා ඒ ගැන බැලුවොත්

ජාතිය ගොඩනගන්න කියලා ගහන බද්දේ ඉදන් ඇමතිලා ගොඩනගන්න ගහන බද්ද දක්වා.

එකී නොකී සේරම බදු සහ ලොකු ලොක්කන්ගේ මළවිකාර වලට ගෙවන්න වෙන හැම සතයක්ම පොඩි මිනිහගෙන්, පොඩි මිනිහගේ බත් පතෙන් ගන්නේ මරා විතරක් නෙමෙයි.
මේ විකාර ජනදිපති ක්‍රමයක් සහ එදා ඉදලම උන්ගේ බදුත් අපිම තමයි ගෙව්වේ.

දැන් බොරුවට අනික් පක්ෂ වල උන් බඩු මිලයි, ගහන බදුයි ගැන හුල්ලනවා.

හම්මේ අපිට තියන ආදරේ ඒ අය.

කිසිම වාසියකට නෙමෙයි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නයි ඒ අය මරාගේ බදු මිල වල් හොයලා කෑගහල ආණ්ඩු බලය ඉල්ලන්නේ.
ඔව් ඇත්ත වශයෙන්ම.

මුන් සේරෝම රටකන ඇත්තෝ බව වටහා නොගන්නා අපේ රටේ බුද්දිමත් ඇත්තෝ සිටිද්දී
මා සුභ අනාගතයක් යයි අවසානයට පැවසීමද ආසියාවේ ඇති ආශ්චර්යකි!

No comments:

Post a Comment