සගරුවනට ගරුකරන අනාගත පරපුරක් උදෙසා!

මේ රටට වහාම ක්‍රියාත්මක වන පරිදි නව නීති හදුන්වාදියයුතු කාලයක් විශේෂයෙන්ම බවුද්ද භික්ෂූන් වහන්සේලාට සිදුවන අගවුරවය වැලක්වීමට හා බුදු දහම අනුව රට දැහැමි මාවතට ගෙන ඒමට මෙම නීති මා සිතන පරිදි ගෙන ආයුතුය.

1)සර්වාගමික කියා ආගමක් කිසිදු ආගමිකයෙක් අදහන්නේ නැත එබැවින් එම ප්‍රෝඩාව වහා නැවැත්විය යුතුය.
ඒ අනුව භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය උත්සව වලදී හා අනෙකුත් ස්ථාන වලදී ප්‍රමුක තාවය මෙන්ම උස් අසුන් හෝ මුලසුන් ලබා දිය යුතු වේ.

2)මාද්‍ය වෙත වැඩම කිරීමේදී උන්වහන්සේලාට උස් අසුන් හා මුලසුන අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට නීතියක් ගෙන ආ යුතුය මන්ද දැන් පවතින බොහෝ මාද්‍ය ආයතන භික්ෂූන් වහන්සේලාට කිසිදු ගවුරවයක් නොදක්වන බැවිනි.
තවද සාකච්චාවකට කැදවන්නේ නම් ගැහැණු  පාර්ශවය හා සම අසුන් ලබාදීම උචිත නොවන බව සියලු දෙන දැනුවත් කල යුතුය එසේ අසුන් පනවන්නේ නම් එතනින් බැහැරවීම සදහා සියලු බික්ෂුඋන් වහන්සේලා දැනුවත් කල යුතු වේ.

3)කිසිදු බෞද්ද පෙරහරක් හෝ කිසිම කටයුත්තක් සදහා අන්‍යාගමික කොඩි හෝ කිසිදු සලකුණක් බාවිතා නොකලයුතුය.

4)සහජීවන නාමයෙන් යම් භික්ෂූන් වහන්සේ නමක් බෞද්ද විරෝදීව කටයුතු කරන්නේ නම් මහා සන්ගරත්නය හමුවට පමුණුවා උපැවිදි කල යුතුය.

5)බෞද්ද සමාජයේ වරදක් හෝ යම් බික්ෂුවකගේ වරදක් ඇතොත් මහා සන්ගරත්නය හමුවේ එය පැමිණිලි කොට එයට විසදුම් ඉල්ලා සිටිය යුතුය . මාද්‍ය හෝ උත්සාවී හමුවේ එවැනි දේට ගතුකීම පෙර (4) වෙනි කරුණෙහි සදහන් බවුද්ද විරෝදී ක්‍රියාවක් ලෙස සලකා (4) හි සදහන් නීතියට යටත් කල යුතුවේ.

6)ගම් මට්ටමින් අනිවාර්යයෙන්ම බෞද්ද කමිටුවක් පත්කොට ඔවුන්ට වෙන අසාදාරන කම් හෝ ඔවුන්ට ඉටුකරගතයුතු දේ පිලිබදව මහා සන්ගරත්නය මහා නාහිමිවරු දැනුවත් කල යුතුය.

7)මහා සන්ගරත්නය එක්රැස් කොට එක ප්‍රතිපත්තියකට සියලු සඟයා වහන්සේලා එක් කල යුතුය .සන්ගාදිකරණයක් පිහිටුවිය යුතුය.

8)පෙර දක්වූ කරුණු පහසු කරගනුනු වස් මහනාහිමිවරු ඇතුළු උගත් ධර්ම දර හා විනය දර බික්ෂුන් වහන්සේලා ගෙන් සැදුම් ලත් විශේශ සඟ සභාවක් පිහිටුවා පෙර සදහන් කරුණු ඔවුන් හමුවට පැමිණ වීමෙන් විසදාගත යුතු වේ.

No comments:

Post a Comment